/ Sep 05, 2026

මුල, මැද, අග පැටලුන එජාපය – නාමල්ව අත්අඩංගුවට ගැනීම හෙළා දකිමින් නිවේදනයක්!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගැනීම තරයේ හෙළාදකිමින් එක්සත් ජාතික පක්ෂය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබුණි.

නාමල් රාජපක්ෂව මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුගේ ප්‍රධානත්වයෙන් ලබන 12 වෙනිදා අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිත රැලිය කඩාකප්පල් කිරීම සඳහා බවටයි එජාපය චෝදනා කරන්නේ.

කෙසේවෙතත් ප්‍රශ්නගත එයාර්බස් වංචාව පිළිබඳ පළමුවෙන්ම පැමිණිලි කරමින් මූලික විමර්ශන සිදුකෙරුනේ එජාපය ප්‍රමුඛ යහපාලන ආණ්ඩු සමයේදී වන අතර එවකට විවිධ දූෂණ චෝදනාවලට අදාළව නාමල් රාජපක්ෂව තුන් වතාවක් අත් අඩංගුවට ගැනුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top