දුම්රිය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය එළඹෙන 17 සහ 18 යන දෙදින තුළ පැය 48ක වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් වූ දැනුවත් කිරීමේ ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමුකර තිබේ.
දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති 24ක් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහය දැක්වීමට තීරණය කර ඇති බව දැක්වෙයි.
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ අත්තනෝමතික පරිපාලනය හේතුවෙන් දුම්රිය සේවය අර්බුදයකට පත්ව ඇති බවත්, ඒ හේතුවෙන් මගී ජනතාව නිරන්තරයෙන් අපහසුතාවට පත්වන බවත් දුම්රිය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පෙන්වා දෙන අතර ඒ සම්බන්ධයෙන් හඬ නගන වෘත්තීය සමිති නිලධාරීන් මර්දනය කිරීමේ මෙහෙයුමක්ද පවතින බවත් එකී සියලු කාරණා මුල්කරගෙන මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගයට වෘත්තීය සමිති යොමු වී තිබේ. එරෙහිව මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගන්නා බව ඔවුහු සඳහන් කරති.
ඒ අනුව මෙම වෘත්තීය සමිති ජනාධිපතිවරයා වෙත අවධාරණය කර ඇත්තේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වහාම එම ධූරයෙන් ඉවත් කරන ලෙසයි.






