/ Sep 08, 2026

වසර 38කට පසු ඉන්දීය ආරක්ෂක ඇමති දිවයිනට පැමිණෙයි!

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා නිල සංචාරයක් සඳහා අද (08) දිවයිනට පැමිණි තිබේ.

දහවල් 1.25 ඉන්දීයන් ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඔහු දිවයිනට පැමිණි අතර රාජ්නාත් සිං මහතා අද (08) සිට ලබන 10 වනදා දක්වා මෙරට නිල සංචාරයක නිරත වීමට නියමිතයි.

දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම සංචාරයේ අරමුණයි.

මෙම සංචාරය තුළදී ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං, ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් සම්පත් තුයියකොන්තා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් හමුවීමට නියමිතව ඇත.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙකු මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ වසර 38කට පසුව වීම ද විශේෂත්වයක්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top