ආචාර්ය දර්ශන අශෝක කුමාර විසින් පරිවර්තනය කරන ලද “යෝගාචාර බුදු දහම සහ නූතන මනෝවිද්‍යාව” කෘතිය සහ ඔහු විසින් රචිත “සිනමා න්‍යාය” කෘතිය එළිදැක්වීමේ විශේෂ උත්සවය 2026 සැප්තැම්බර් මස 09 වන දින එනම් හෙට දින පස්වරු 3.00 ට කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
NINE ප්‍රකාශනයක් ලෙස එළිදකින මෙම කෘති ද්විත්වය ජනගත කිරීමේ අවස්ථාවේදී මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි සහ ප්‍රවීණ සිනමා විචාරක විදර්ශන කන්නන්ගර විසින් විශේෂ දේශන පවත්වනු ලබයි.
මෙම අවස්ථාව සඳහා සහභාගී වන ලෙස කතුවරයා සහ ප්‍රකාශන ආයතනය සියලු සහෘද ජනතාවට විවෘත ආරාධනාවක් කරයි.






