/ Sep 14, 2026

වීදි සුනඛ ප්‍රශ්නය විසඳීමට වසර 100කට පසු ධනාත්මක පියවර!

අයාලේ යන වීදි සුනඛ ප්‍රශ්නය කාලයක් තිස්සේ ජනතාව අතර කතාබහට ලක් වන්නක් වී තිබුණි. ජලභීතිකාව හිස එසැවීම, මාර්ග අනතුරු බහුල වීම පමණක් නොව වසරකට සුනඛ සපාකෑම් වෙනුවෙන් වැයවන මහජන මුදල් කෝටි ගණනක් මේ ප්‍රශ්නය පිටුපස තිබිණ. කෙසේ වෙතත් අධිරාජ්‍යවාදී පාලන සමයේ පැනවූ අණ පණත් මෙතෙක් ක්‍රියාත්මකව තිබුණු අතර ඒවා අහෝසි කරමින් වත්මන් ආණ්ඩුව නව නීති ගැසට් කර තිබේ.

ඒ අනුව සුනඛයන් ඇති කරන්නන් විසින් අනිවාර්යයෙන් සිය සුනඛයා අදාළ ප්‍රාදේශී්‍ය හෝ නගර සභාවේ ලියාපදිංචි කර එන්නත්කරණය කර තිබිය යුතු ය.

නියමිත කාලය තුළ ලියාපදිංචි නොකරන සුනඛයන් වෙනුවෙන් රුපියල් 2000ක දඩයක් අය කරනු ඇත.

නිවසක ඇති කරන බල්ලෙකු වෙනත් අයෙකුට හෝ සතෙකුට සපා කා හානි සිදු කළහොත්, එහි සම්පූර්ණ වන්දිය සහ වගකීම අයිතිකරු විසින් දැරිය යුතුය.

වාණිජ අරමුණින් බල්ලන් බෝ කරන මධ්‍යස්ථාන (Breeding Centers) පවත්වාගෙන යාම සඳහා විශේෂ බලපත්‍රයක් (Licence) ලබා ගැනීම අනිවාර්ය වේ. බලපත්‍ර නොමැතිව පැටවුන් විකිණීම තහනම් වන අතර, නීති කඩ කරන්නන්ට රුපියල් 10,000ක දඩයක් හෝ මාස 2ක සිරදඬුවම් හිමි විය හැක.

කෙසේ වෙතත් නව පණත හරහා සුනඛයන් මරා දැමීම අහෝසි කර ඇති අතර පැරණි නොසරිලන දඩ මුදල් ද වෙනස් කර තිබේ. දැවැන්ත ප්‍රශ්නයක්ව ඇති වීදි සුනඛ ප්‍රශ්නය අවසන් කර දැමීමට සක්‍රිය ක්‍රියාමාර්ග ගැනීම ජනතා අපේක්ෂාව වන අතර මේ ක්‍රියාමාර්ගය ජනතාවගේ පැසසුමට ලක්ව ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top