ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාවලිය (World Athletics Ultimate Championship) සහ ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගය (Diamond League Final) ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව තුර්කි එයාලයින් ගුවන් සේවය හරහා මෙරට පැමිණි ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල ගුවන් ගමනේදී හානියට පත් වූ බව ඔහු සමාජ මාධ්‍යයේ පළ කර තිබුණි.
කෙසේ වෙතත් ඔහුගේ හානියට පත් හෙල්ල වෙනුවෙන් අලුත් කට්ටලයක් රජයේ වියදමින් ලබාදීමට රජය තීරණය කර ඇත.
මෙරටට පැමිණීමෙන් අනතුරුව ඔහුගේ හෙල්ල පරීක්ෂා කිරීමේ දී ඒවාට හානි සිදු වී තිබෙන අතර, රුමේෂ් තරංග සිය කනස්සල්ල පළ කරමින් ඒවායේ ඡායාරූපයක් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පළ කර තිබිණි.
මේ සම්බන්ධයෙන් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ගරු සුනිල් කුමාර ගමගේ සිය ඍජු අවධානය යොමු කර ඇති බවත්, ඒ අනුව අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් රජයේ වියදමින් අලුත් හෙල්ල කට්ටලයක් රුමේෂ් තරංගට ලබාදෙන බවත් අමාත්‍යවරයා පවසා ඇත.






