ආණ්ඩුව විසින් ගෙන විත් ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළකරමින් එළඹෙන 24 වැනිදා පාර්ලිමේන්තු මංසන්ධියට පැමිණෙන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.
මෙම ව්‍යවස්ථා සංශෝධනය හරහා රට තනි පක්ෂ පාලනයකට යොමුවන බවටයි විපක්ෂය චෝදනා කරන්නේ.
මෙම විරෝධතාව සමඟි ජන බලවේගයේ මැදිහත්වීමෙන් සංවිධානය කරනු ලබන අතර මේ වන විට රටේ අධිකරණ පද්ධතියට එහි ස්වාධීනත්වයට අධිකරණයේ නිදහසට 22 වැනි සංශෝධනයෙන් දැවැන්ත ප්‍රහාර රැසක් එල්ල වන බවයි විපක්ෂ නායක පවසන්නේ.
අප රට ඒකාධිපති ආඥාදායක රටක් නොව ප්රජාතන්ත්රවාදී රට තුළ ප්‍රධනම ප්රජාතන්ත්රවාදී මූලධර්ම සුරක්ෂිත වන්නේ ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය යන කුළුණු තුන මත පදනම්ව බවත් මෙහි දී මෙම කුළුණු තුනට බලය බෙදීම සේම ඊට ආවේණික නිශ්චිත බලතල ඇති බවත් සංවරණ හා තුළන හරහා ඒ බලය සමබර කරන බවත් විපක්ෂ නායකවරයා පවසයි.
අද මේ ප්රජාතන්ත්රවාදයට මරු පහරක් එල්ල කරමින් විධායකය යන කුළුණේ ජනාධිපතිවරයා සහ බහුතර බලය සහිත ව්‍යවස්ථාදායකය රටේ අධිකරණ බලය පාලනය කරමින් ගරු අධිකරණය විධායකයේ වහලකු බවට පත් කර අධිකරණයේ නිදහස මිලේච්ඡ ලෙස උල්ලංඝනය කර ලක්ෂ 220 ජනතාවට උතුම් අධිකරණය සහ විනිසුරුවන් ගැන ඇති විශ්වාසය අමු අමුවේ කෙලෙසන නින්දිත උත්සාහයක් නිරත බවත් එහි ප්‍රතිඵලය ලෙස 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හැඳින්විය හැකි බවත් හෙතෙම කියාසිටියි.






