හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට නිල් නිවේදනයක් නිකුත්කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ජාත්‍යන්තර පොලිසියෙන් ඉල්ලීමක් කර තිබේ.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අරමුදල් අවභාවිතය සම්බන්ධයෙන් එල්ලවන චෝදනාව ඇතුළු චෝදනා 3ක් මුල්කරගනිමින් මෙම ඉල්ලීම සිදුකර තිබෙන බව සඳහන්.
බැසිල් රාජපක්ෂව අත්අඩංගුවට ගැනීම සඳහා දැනට වරෙන්තු දෙකක් නිකුත් කර තිබේ.
මෙම වරෙන්තු නිකුත් කර ඇත්තේ, නීතිවිරෝධී ලෙස උපයාගත් බවට සැක කෙරෙන මුදල් යොදා ගනිමින් මාතර, බ්‍රවුන්ස් හිල් (Brown’s Hill) ප්‍රදේශයෙන් අක්කර 1.5ක ඉඩමක් මිලදී ගැනීම සහ ඌව පළාත් සභා මැතිවරණ සමයේදී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට අයත් රුපියල් මිලියන 7.8ක මුදලක් යොදා ගනිමින් ටී-ෂර්ට් 12,000ක් බෙදා හැරීම යන සිද්ධීන් සම්බන්ධයෙනි.






