ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 8.1% ක් දක්වා ඉහළ ගොස් තිබේ.
2026 ජුලි මාසයේදී මෙම අගය පැවතියේ 7.2%ක් වශයෙනි.
මෙහිදී ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමන අනුපාතය ජූලි මාසයේ පැවති 4.9% සිට අගෝස්තු මාසයේදී 6.6% දක්වා ඉහළ ගොස් ඇති අතර ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමන අනුපාතය ජූලි මාසයේ පැවති 9.2% සිට අගෝස්තු මාසයේදී 9.3% දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.






