/ Oct 01, 2026

සිපෙට්කෝ මිලත් එක්කම IOC මිලත් ඉහළට!

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ඉහළ දමා ඇති අතර ලංකා ඉන්දියන් ඔයිල් සමාගමද සිය මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 414කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල සංශෝධයක් සිදුනොවන අතර, එය රුපියල් 475ක් වූ පැවති මිල යටතේම පවතින අතර සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 50කින් ඉහළ දමා තිබේ. ඒ අනුව රුපියල් 478ක්ව පැවති මිල, රුපියල් 528ක් දක්වා ඉහළගොස් ඇත.

එමෙන්ම රුපියල් 382ක්ව පැවති සුදු ඩීසල් ලීටරය මිලද රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 392කි.

මේ අතර රුපියල් 285ක්ව පැවති භූමිතෙල් මිලද ඉහළ දැමීමක් සිදු කර නැත.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉහළ දැමූ මිල ගණන්වලට අනුකූල වන පරිදි ලංකා ඉන්දියන් ඔයිල් සමාගමද තම ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top