උත්සව සමයත් සමඟ මේ වන විට වෙළෙඳපොළේ බිත්තර මිල ඉහළ ගොස් තිබේ.
සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ ලේකම් අනුරසිරි මාරිසිංහ සඳහන් කළේ, මේ වන විට වෙළෙඳපොළ තුළ රුපියල් 42ත් 45ත් අතර මිලකට බිත්තර අලෙවි වන බවය.
බිත්තර නිෂ්පාදන පිරිවැය ඉහළ යාම සහ ඉල්ලුම ඉහළ යාම මෙම තත්ත්වයට හේතුවී තිබේ.
“අධික වර්ෂාව නිසා දේශගුණික තත්ත්වය වෙනස් වුණා. ඒකෙන් 80%ක් විතර නිෂ්පාදනය කළ සත්තු 50 % – 60%ට අඩුවුණා. අනික පහුගිය ටිකේ සත්ත්ව නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිඟු වගේ අමුද්‍රව්‍ය මිලත් ඉහළ ගියා. ඒ නිසා නිෂ්පාදන වියදම වැඩිවෙලා. ඒ නිසා ඉදිරියේ පැවැත්වෙන උත්සව සමය නිසා බේකරි නිෂ්පාදනවල වැඩ පටන් ගෙන තියෙනවා. ඒ නිසා බේකරිවලටත් බිත්තර වැඩිපුර යනවා. මේ නිසා තමයි බිත්තර මිල වැඩි වීමක් තියෙන්නේ. ඉල්ලුම හා සැපයුම නිසා මිල වැඩිවීමක් මිසක් කෘත්‍රීම මිල වැඩිවීමක් අපිට පේන්නේ නෑ.” යනුවෙන් අනුරසිරි මාරිසිංහ මහතා පැවසුවේය.
මෙම බිත්තර මිල ඉහළ යාම ලබන වසරේ ජනවාරි මාසය දක්වා පැවතිය හැකි බව සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පවසයි.





