/ Oct 01, 2026

SDIG රන්මල් ඇතුළු නිලධාරීන් 06කගේ ස්ථාන මාරු ප්‍රතික්ෂේප වෙයි!

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිත්තුවක්කු ඇතුළු නිලධාරීන් 06 දෙනෙකුට ස්ථානමාරු ලබාදීම සඳහා පොලිස්පතිවරයා කර ඇති නිර්දේශයට අනුමැතිය ලබාදීම ජාතික පොලිස් කොමිසම විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

එම කොමිසම අද (01) රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

කොළඹ වරාය පරිශ්‍රයේ කන්ටේනර් දෙකක තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 472ක් අත් අඩංගුවට ගැනීමේදී රාජකාරි පැහැර හැරිය බවට එල්ල කර ඇති චෝදනාවක් මත මෙසේ එම නිලධාරීන් 06 දෙනා ස්ථාන මාරු කිරීමට පොලිස්පතිවරයා නිර්දේශ කර තිබුණි.

කොළඹ වරායේ බහාලුමක මත්ද්‍රව්‍ය තොගයක් තිබෙන බවට ලැබුණු තොරතුර සම්බන්ධයෙන් පියවර ගැනීමේ දී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු අදාළ නිලධාරින් විසින් රාජකාරිය පැහැර හැරීක් සිදුකර ඇති බවට පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකළ විමර්ශනයට අනුව අනාවරණය වී තිබුණු බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කර තිබුණු අතර එම පැහැර හැරීම් සහ නොසැලකිල්ල සඳහා හේතු වී ඇත්තේ යම් පාර්ශ්වයකට වාසි සහගත තත්ත්තවයක් ඇති කිරීම සඳහා ද යන්න සොයා බැලීමට පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

ඒ තුළින් අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව අපරාධ චෝදනා සංස්ථාපනය වන්නේ ද යන්න පිළිබඳව තහවුරු කරගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top