රජයේ ආධාර මත ඉදිකරන ලද නිවාස 5,000කට අධික සංඛ්‍යාවක් අද (05) දින මහජනතාව වෙත භාර දෙන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය ආචාර්ය එච්.එම්. සුසිල් රණසිංහ පවසයි.
මෙම නිවාස භාර දීමේ කටයුතු සිදු කෙරෙන්නේ ‘සැමට ප්‍රමාණවත් නිවාස’ යන තේමාව යටතේ මෙවර සමරනු ලබන ලෝක වාසස්ථාන දිනයට සමගාමීවය.
මෙම සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම ලෝක වාසස්ථාන දිනයට සමගාමීව දිවයින පුරා ‘ජාතික නිවාස සතියක්’ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවද නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය ආචාර්ය එච්.එම්. සුසිල් රණසිංහ සඳහන් කරයි.




