/ Oct 06, 2026

පොහොටුවේ කහඳගම අයිස් එකක්ම අත්අඩංගුවට!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගරසභාවේ හිටපු මන්ත්‍රී මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය සමග කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (05) රාත්‍රියේ මිරිහාන ප්‍රදේශයේ අවන්හලක් අසල දී ඔහු එලෙස අත්අඩංගුවට පත්ව ඇති ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ද සොයාගෙන ඇති බව සඳහන්.

මොහු කාලයක සිට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර ඇති බව මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

මහින්ද කහඳගමගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයකු ද අයිස් මත්ද්‍රව්‍ය සමග කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top