/ Oct 06, 2026

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැසට් කරයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.

මෙරට තුළ සංවිධානාත්මක අපරාධ වැළැක්වීම, බරපතළ අපරාධවලට එරෙහිව කාර්යක්ෂමව කටයුතු කිරීම සහ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වලින් එල්ල වන තර්ජනවලින් සමාජය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය නීතිමය විධිවිධාන සැලසීම මෙම පනත් කෙටුම්පතේ ප්‍රධාන අරමුණ වේ.

එමෙන්ම, ජාතික හා ජාත්‍යන්තර සහයෝගිතාව තුළින් බරපතල අපරාධ වැළැක්වීම සහ ඒවාට එරෙහිව කටයුතු කිරීම මෙන්ම, ජාතික සීමා ඉක්ම වූ සංවිධානාත්මක අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය බලාත්මක කිරීම සඳහා අවශ්‍ය නීතිමය පදනම සැකසීමද මෙමඟින් අපේක්ෂා කරයි.

පසුගිය මාර්තු 30 වැනි දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී නව පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා අනුමැතිය ලැබී තිබූ අතර ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පත සකස් කළ අතර ඒ සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනද ලැබී තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top