අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් හිටපු විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අදාළ නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අංක 11 මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල නියෝග කරන ලදී.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අධිකරණයේ ගොනුකර තිබෙන නඩුවකට අවස්ථා කිහිපයකදීම අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවකට අනුව ඔහුව අත්අඩංගුවට ගැනීම සිදුවිය.




