/ Oct 08, 2026

දිස්ත්‍රික්ක හතරකට නායේ යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි!

දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ.

අද (08) පස්වරු 4:00 ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට (09) වන දින පස්වරු 4:00 දක්වා වලංගු බව දක්වා ඇත.

අනතුරු ඇඟවීමේ මට්ටම 1 ලෙස,

කළුතර දිස්ත්‍රික්කයේ,
වලල්ලාවිට

කෑගල්ල දිස්ත්‍රික්කයේ,
දෙහිඕවිට සහ කෑගල්ල

රත්නපුර දිස්ත්‍රික්කයේ,
කුරුවිට, ඇහැලියගොඩ, වැලිගෙපොල, රත්නපුර සහ අයගම

අනතුරු ඇඟවීමේ මට්ටම 2 ලෙස,

කෑගල්ල දිස්ත්‍රික්කයේ
මාවනැල්ල සහ රුවන්වැල්ල දැක්වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top