/ Oct 09, 2026

නවලෝකය වෙනුවට ශිරන්ති අක්ෂි රෝහලට!

සිරිලිය සවිය ගිණුමේ විමර්ශනයක් මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ අක්ෂි රෝහල වෙත අද (09) රැගෙන විත් තිබේ.

ඇසක පවතින රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ ඇය (08) බන්ධනාගාර විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර එහිදී ලබා දුන් වෛද්‍ය නිර්දේශ මත ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

ප්‍රතිකා සඳහා යොමුකිරීමෙන් අනතුරුව ඇයව නැවත බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇති බව සඳහන්.

‘සිරිලිය සවිය’ ගිණුම පිළිබඳ සිදුකරන විමර්ශනවලට අදාළව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ඇයව අත්අඩංගුවට ගැනීම සිදුවූ අතර ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබාගත් රුපියල් ලක්ෂ 100ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම මගින් දූෂණය හා පොදු දේපළ පනත යටතේ වන වැරදි සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල වී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top