උද්යෝගී පලිහක්කාර විසින් රචනය කරන ලද පළමු නවකතාව වන ටච් සම්බන්ධයෙන් වන කතාබහක් 18 වැනි ඉරිදා සවස 3.00ට මාතර ගඟ අද්දර හෝටලයේදී පැවැත්වීමට සූදානම් කර තිබේ.
මම සහ තවත් ගැහැනු කිහිප දෙනෙක් නම් කාව්ය සංග්රහයක් ද, ජීවිතයෙන් මිනිත්තුවක් නමින් කෙටි කතා එකතුවක්ද කතුවරිය විසින් මෙයට පෙර මුද්රණයෙන් පළ කර තිබේ.
විලාසිතා කර්මාන්තයේ විචිත්රත්වය සහ ගතිකත්වය විසින් අවශෝෂණය කරගනු ලැබූ මිනිස් ජීවිත කිහිපයක පෞද්ගලික ජීවන මංපෙත් එකිනෙක හරහා නාට්යානුසාරීව ගමන් කරන අයුරු උද්යෝගීගේ කුළුඳුල් නවකතාවේ වියමනට හසුව තිබේ. ඔවුන් එකිනෙකාගේ ජීවන ලාලසාද, ඇවතුම් – පැවතුම් ද ලිංගික දිශානති මතු නොව, සමාජ සම්මත බවට පත් වූ ඒකාකෘති හරහා ඔවුන් එකිනෙකාගේ ගමනාන්ත කෙරෙහි ඇති කරවන තියුණු මෙන් ම අනපේක්ෂිත බලපෑම් පාඨකයා විටෙක විස්මයෙන්ද, විටෙක සහකම්පනයෙන් ද පුරවාලයි.
- සාහිත්යවේදී මොහාන් ධර්මරත්න





