/ Oct 20, 2026

දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න සේවා ප්‍රදේශයට නව අපජල පිරිපහදු පද්ධති දෙකක්!

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා ප්‍රදේශය සඳහා නව අපජල පිරිපහදු පද්ධති දෙකක් ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

දැනට පවතින අපජල පිරිපහදු පද්ධතිවල ධාරිතාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන්, දිනකට ඝන මීටර් 200 බැගින් පිරිපහදු කළ හැකි නව පද්ධති දෙකක් ඉදිකිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිර්දේශ කර ඇත.

ඒ අනුව, රුපියල් මිලියන 562.04ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත පිරිනැමීම සඳහා ජනාධිපතිවරයා මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top