/ Oct 26, 2026

ගේනවා නම් හරියට ගේන්න.අපි සූදානම් – කථානායකට එරෙහි විපක්ෂ විශ්වාසභංගය ස්ථාවර නියෝග උල්ලංඝනය කරලා!

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමනායකට එරෙහි විපක්ෂය ගෙන ආ විශ්වාසභංගය ස්ථාවර නියෝගවලට පටහැනි බව ආණ්ඩු පක්ෂය පවසයි.

එය නිසි පරිදී ගෙන ඒමට කටයුතු කරන්නේ නම් ඊට සූදානම් බව ආණ්ඩු පක්ෂය පවසන අතර පාර්ලිමේන්තු ස්ථාවර නියෝග උල්ලංඝනය කරමින් ඉදිරිපත් කර ඇති එම විශ්වාසභංග යෝජනාව සංශෝධනය කර යළි ඉදිරිපත් කළ යුතු බව පසුගියදා රැස්වු පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වී තිබේ.

ඒ අනුව ආණ්ඩු පක්ෂය විසින් අදාළ යෝජනාව සම්බන්ධයෙන් මතුකළ කරුණු සැලකිල්ලට ගනිමින් සංශෝධිත විශ්වාසභංග යෝජනාවක් යළි ඉදිරිපත් කිරීමට විපක්ෂයට සිදුව ඇත.

සංශෝධිත යෝජනාව යළි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය නොවැම්බර් 3 වෙනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට ආණ්ඩුව සූදානම් බවද සභානායක අමාත්‍ය බිමල් රත්නායක දැනුම් දී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top