/ Nov 05, 2026

PTA සහ PSTA පනත් වලට එරෙහිව ජන අරගල ව්‍යාපාරය විරෝධතාවේ!

රජය විසින් ගෙන ඒමට නියමිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතට එරෙහිව ජන අරගල ව්‍යාපාරය විසින් අද (04) පාර්ලිමේන්තු පිවිසුම වන පොල්දූව මංසන්ධියේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.

ජන අරගල ව්‍යාපාරය නියෝජනය කරමින් විශාල පිරියක් ඊට එක්ව සිටි අතර විරෝධතාකරුවන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ ඉදිරියට ගමන් කළ නමුත් ඊට පොලීසියෙන් කිසිදු බාධාවක් සිදුකර නොතිබුණි.

අනතුරුව නැවත පාගමන දියත උයන පරිශ්‍රය ඉදිරිපිට මාර්ගයට පැමිණ විරෝධතාවේ නිරත විය.

මෙම විරෝධතාව හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධාවන් එල්ල වී තිබුණද මේ වන විට තත්ත්වය සාමාන්‍ය අතට පත්ව ඇති බව සඳහන්.

රජය විසින් ගෙන ඒමට නියමිත උක්ත පනත ද්විත්වයේ විශාල අඩුපාඩු රැසක් විරෝධතාකරුවන් විසින් පෙන්වා දී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top