/ Nov 05, 2026

පොලිස් නිලධාරීන් ගැන පොලිසියෙන් ගත්තු තීරණය!

අපේක්ෂිත විනය මහජනයා හමුවේ නොපෙන්වන හෝ වැරදිවල නිරත වන කිසිදු නිලධාරියෙකු ආරක්ෂා කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු නොකරන අතර සාමාන්‍ය නීතිය, විනය සංග්‍රහය සහ රජයේ විනය කාර්ය පටිපාටිය එම නිලධාරීන්ට ද ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි.

සමස්ත සමාජයම වෙළාගෙන ඇති මත්ද්‍රව්‍ය ව්‍යසනයේ බලපෑමට යම් පොලිස් නිලධාරීන් පිරිසක් ද ගොදුරු වී සිටින බව අකමැත්තෙන් වුවද පිළිගැනීමට සිදුව තිබෙන අතර කෙසේ නමුත් එලෙස මත්ද්‍රව්‍ය ජාවාරමට හෝ භාවිතයට සම්බන්ධ වන කිසිදු නිලධාරියෙකු පොලිස් සේවයේ තබා ගැනීමට කටයුතු නොකරන බවත්, එම තොරතුරු සැඟවීමට හෝ අදාළ නිලධාරීන් ආරක්ෂා කිරීමට කිසිදු ලෙසකින් කටයුතු නොකරන බවත් ඔහු අවධාරණය කරයි.

පොලිස්පතිවරයා මේ බව පැවසුවේ මහියංගනය පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පැවැති උත්සවයකට එක්වෙමිනි.

ශ්‍රී ලංකා පොලිසිය හමුවේ ඇති ප්‍රධානතම අභියෝගය වරින් වර වෙනස්වන මහජන විශ්වාසය ඉහළ මට්ටමකින් පවත්වාගෙන යාම බව එහිදී පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය.

මත්ද්‍රව්‍ය ව්‍යසනය, ඊට අදාළ අපරාධ මෙන්ම සංවිධානාත්මක අපරාධ මැඩලීම පොලිසිය හමුවේ ඇති ප්‍රධාන වගකීමක් වුවද, ඊට සමාන්තරව මහජන ප්‍රශංසාව හා විශ්වාසය ගොඩනගා ගැනීමද අත්හළ නොහැකි අභියෝගයක් බවයි ඔහු කියාසිටියේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top