2026 ඇමරිකාවේ මධ්‍ය වාර මැතිවරණයෙන් ඩිමොක්රටික් පක්ෂය කොන්ග්‍රසයේ සෙනෙට් සභාවේ සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය තහවුරු කර ගනිමින් දැවැන්ත ජයග්‍රහණ අත්කරගෙන තිබේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන ක්‍රමවේදය සහ ප්‍රතිපත්ති කෙරෙහි එල්ල වූ දැවැන්ත ජනතා විරෝධය මෙම මැතිවරණ ප්‍රතිඵල හරහා මනාව පෙන්නුම් කර ඇති අතර සාම්ප්‍රදායිකව රිපබ්ලිකන් පක්ෂයේ බලකොටු ලෙස සැලකුණු ටෙක්සාස්, කැන්සාස් සහ අයෝවා වැනි ප්‍රාන්තවල පවා ජයග්‍රහණ අත්කර ගැනීමට ඩිමොක්රටික් පක්ෂය සමත් වීම මේ මොහොතේ විශේෂත්වයකි.
විශේෂයෙන් පසුගිය පෙබරවාරියේ සිට ඇරඹුණු ඉරානයට එරෙහි ප්‍රහාර හා ඊට සමගාමීව ඇවිලුණු මැදපෙරදිග ගැටුම්කාරී වාතාවරණය හමුවේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ගෝලීය විරෝධයක් ගොඩනැගී තිබේ.
ඒ අනුව මැතිවරණ ප්‍රතිඵලය කෙරෙහි බලපෑ ප්‍රධාන කරුණු අතර ජීවන වියදම ඉහළ යාම, ඉන්ධන මිල වැඩිවීම, ආර්ථික තත්ත්වය සහ ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රතිපත්ති පිළිබඳ ජනතා අප්‍රසාදය ප්රමුඛ වී ඇති බවයි විශ්ලේෂකයින් පෙන්වා දී ඇත්තේ.
කැන්සාස් ප්‍රාන්තයේ පැවති සෙනෙට් සභා මැතිවරණයෙන් ඩිමොක්රටික් අපේක්ෂක ඇඩම් හැමිල්ටන් ජයග්‍රහණය කළ අතර, එය මහා අවපාත සමයෙන් පසු එනම් සියවසකට ආසන්න කාලයකට පසු එරටින් ඩිමොක්රටික් අපේක්ෂකයෙකු සෙනෙට් ආසනයක් දිනාගත් පළමු අවස්ථාව ලෙස ඉතිහාසගත වී ඇත.
එසේම, ටෙක්සාස් ප්‍රාන්තයේදී ඩිමොක්රටික් ප්‍රාන්ත නියෝජිත ජේම්ස් තලාරිකෝ, රිපබ්ලිකන් නීතිඥ කෙන් පැක්ස්ටන් පරාජය කරමින් දශක ගණනාවකට පසු ඩිමොක්රටික් පක්ෂයට සෙනෙට් ආසනයක් හිමිකර දී තිබේ.
දකුණු කැරොලිනා ප්‍රාන්තයෙන් ද ඩිමොක්රටික් අපේක්ෂිකා ඇනි ඇන්ඩෲස් ජයග්‍රහණය කළ අතර මේ හරහා ඩිමොක්රටික් පක්ෂය රිපබ්ලිකන් සෙනෙට් ආසන හයක් වෙන්කරවා ගැනීමට සමත්ව ඇත.
ඒ අනුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයට කොංග්‍රසයේ සභා දෙකේම බලය අහිමි වී තිබේ.2026 ඇමරිකාවේ මධ්‍ය වාර මැතිවරණයෙන් ඩිමොක්රටික් පක්ෂය කොන්ග්‍රසයේ සෙනෙට් සභාවේ සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය තහවුරු කර ගනිමින් දැවැන්ත ජයග්‍රහණ අත්කරගෙන තිබේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන ක්‍රමවේදය සහ ප්‍රතිපත්ති කෙරෙහි එල්ල වූ දැවැන්ත ජනතා විරෝධය මෙම මැතිවරණ ප්‍රතිඵල හරහා මනාව පෙන්නුම් කර ඇති අතර සාම්ප්‍රදායිකව රිපබ්ලිකන් පක්ෂයේ බලකොටු ලෙස සැලකුණු ටෙක්සාස්, කැන්සාස් සහ අයෝවා වැනි ප්‍රාන්තවල පවා ජයග්‍රහණ අත්කර ගැනීමට ඩිමොක්රටික් පක්ෂය සමත් වීම මේ මොහොතේ විශේෂත්වයකි.
විශේෂයෙන් පසුගිය පෙබරවාරියේ සිට ඇරඹුණු ඉරානයට එරෙහි ප්‍රහාර හා ඊට සමගාමීව ඇවිලුණු මැදපෙරදිග ගැටුම්කාරී වාතාවරණය හමුවේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ගෝලීය විරෝධයක් ගොඩනැගී තිබේ.
ඒ අනුව මැතිවරණ ප්‍රතිඵලය කෙරෙහි බලපෑ ප්‍රධාන කරුණු අතර ජීවන වියදම ඉහළ යාම, ඉන්ධන මිල වැඩිවීම, ආර්ථික තත්ත්වය සහ ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රතිපත්ති පිළිබඳ ජනතා අප්‍රසාදය ප්රමුඛ වී ඇති බවයි විශ්ලේෂකයින් පෙන්වා දී ඇත්තේ.
කැන්සාස් ප්‍රාන්තයේ පැවති සෙනෙට් සභා මැතිවරණයෙන් ඩිමොක්රටික් අපේක්ෂක ඇඩම් හැමිල්ටන් ජයග්‍රහණය කළ අතර, එය මහා අවපාත සමයෙන් පසු එනම් සියවසකට ආසන්න කාලයකට පසු එරටින් ඩිමොක්රටික් අපේක්ෂකයෙකු සෙනෙට් ආසනයක් දිනාගත් පළමු අවස්ථාව ලෙස ඉතිහාසගත වී ඇත.
එසේම, ටෙක්සාස් ප්‍රාන්තයේදී ඩිමොක්රටික් ප්‍රාන්ත නියෝජිත ජේම්ස් තලාරිකෝ, රිපබ්ලිකන් නීතිඥ කෙන් පැක්ස්ටන් පරාජය කරමින් දශක ගණනාවකට පසු ඩිමොක්රටික් පක්ෂයට සෙනෙට් ආසනයක් හිමිකර දී තිබේ.
දකුණු කැරොලිනා ප්‍රාන්තයෙන් ද ඩිමොක්රටික් අපේක්ෂිකා ඇනි ඇන්ඩෲස් ජයග්‍රහණය කළ අතර මේ හරහා ඩිමොක්රටික් පක්ෂය රිපබ්ලිකන් සෙනෙට් ආසන හයක් වෙන්කරවා ගැනීමට සමත්ව ඇත.
ඒ අනුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයට කොංග්‍රසයේ සභා දෙකේම බලය අහිමි වී තිබේ.





