/ Nov 07, 2026

රුවන්වැලි මහා සෑය අසල සත්‍යග්‍රහයේ ඇරඹු බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අධිකරණයෙන් නියෝගයක්!

අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල පිහිටි දන්සැල් භූමියේ සත්‍යග්‍රහයේ නිතර පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට පූජා භූමි ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස දන්වමින් අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබේ.

අනුරාධපුර පූජා නගර සැලැස්මට එරෙහිව අද (7) මෙම සත්‍යග්‍රහය සංවිධානය කර තිබුණු අතර සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් මෙන්ම ඊට සහාය පළකළ සිවිල් පිරිස පොලීසිය පැමිණ එම ස්ථානයෙන් ඉවත් කිරීමට යාමේදී දෙපාර්ශවය අතර නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන තිබුණි.

එය ගැටුම්කාරී තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබුණු අතර සත්‍යග්‍රහයට සහය දැක්වූ භික්ෂුන් වහන්සේලා සහ සෙසු පිරිස පොලීසියට එරෙහිව ක්‍රියා කර තිබේ.

ඒ අනුව එම නොසන්සුන්කාරී සිද්ධියට අදාළව සිවිල් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් මෙන්ම ඊට සහාය පළකළ සිවිල් පිරිස පොලීසිය පැමිණ එම ස්ථානයෙන් ඉවත් කිරීමට යාමේදී නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇත.

පසුව එය ගැටුම්කාරී තත්ත්වයක් දක්වා වර්ධනය වූ බව සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top