පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් මහතා වෙත දීර්ඝ පැහැදිලි කිරීමක් සහිත ලිපියක් යොමු කර තිබේ.
ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු දෙකක නියෝග සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් පවත්වා සුදුසු පියවර ගන්නා ලෙස ඉල්ලමින් එම ලිපිය යොමු කර ඇත.
කරුණු 29ක් යටතේ එම ලිපිය යොමුකර තිබේ.
මෙම කරුණට පාදක වී තිබුණේ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොලිස්පතිවරයා වෙත නිකුත් කර තිබුණු නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම සහ අධිකරණය මුලා කිරීමට උත්සහ කිරීම හේතුවෙන් පොලිස්පතිවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් පැවරීම සඳහා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමුකර තිබෙන බවට විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමය.
මෙම සිද්ධියට අදාළව ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා විනිසුරුවන් පුහුණු කිරීමේ ආයතනය වෙත ස්ථාන මාරු කර තිබේ. අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් මහතාගේ අත්සනින් යුතුව අදාළ ස්ථාන මාරු නියෝගය නිකුත් කර තිබුණි.
පොලිස්පතිවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ වරද යටතේ චෝදනා ගොනු කර නීතිමය පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයාගෙන් කර තිබුණු ඉල්ලීම පරිදි අධිකරණය හමුවේ ඇති වූ මෙම තත්ත්වයත් සමඟ, පොලිස්පතිවරයා විසින් ගම්පහ මහේස්ත්රාත්වරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත උක්ත පැහැදිලි කිරීම කර තිබේ.
ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු දෙකක නියෝග සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් පවත්වා සුදුසු පියවර ගන්නා ලෙස ඉල්ලමින් එම ලිපිය යොමු කර ඇත.














