ගෙවුණු පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය කොළඹ දිස්ත්‍රික්කයේ තිඹිරිගස්යාය ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, එම අගය මිලිමීටර් 146.60ක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය ප්‍රදේශයෙන් මිලිමීටර් 125.50ක වර්ෂාපතනයක් ද, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රදේශයෙන් මිලිමීටර් 117.60ක වර්ෂාපතනයක් ද වාර්තා වී ඇත.
මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළයෙන් මිලිමීටර් 116.60ක වර්ෂාපතනයක් ද වාර්තා වී තිබේ.
මීට අමතරව, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ප්‍රදේශයෙන් මිලිමීටර් 114.80ක් ද, කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශයෙන් මිලිමීටර් 111.40ක් ද, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රදේශයෙන් මිලිමීටර් 103.40ක් ද වාර්තා වී තිබේ.
එමෙන්ම, වරකාපොළ ප්‍රදේශයට මිලිමීටර් 94.80ක වර්ෂාපතනයක් ලැබී ඇති බව සඳහන්.
මේ අතර, කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ප්‍රදේශයෙන් මිලිමීටර් 82.40ක් ද, කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රදේශයෙන් මිලිමීටර් 82.20ක් ද, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම ප්‍රදේශයෙන් මිලිමීටර් 69.00ක් ද වාර්තා වී තිබේ.
කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල ප්‍රදේශයෙන් මිලිමීටර් 68.00ක් ද, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ ප්‍රදේශයෙන් මිලිමීටර් 65.20ක් ද, ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් මිලිමීටර් 64.50ක් ද, බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රදේශයෙන් මිලිමීටර් 63.00ක වර්ෂාපතනයක් ද වාර්තා වී ඇත.
මේ අතර, අධික වර්ෂාපතනය හේතුවෙන් ජලාශවල ජල මට්ටම් ඉහළ යාමත් සමඟ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව, අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගණය ජලාශයේ වාන් දොරටු හතරක් අඩි දෙක බැගින් ද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු හතරක් අඩි එක බැගින් ද විවෘත කර ඇත.
මීට අමතරව, මොනරාගල දිස්ත්‍රික්කයේ අලිකොටආර ජලාශයේ වාන් දොරටු තුනක් අඩි දෙක බැගින් ද, අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලා වැවේ වාන් දොරටු දෙකක් අඩි එක බැගින් ද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ බදගිරිය ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් ද විවෘත කර තිබේ.
එමෙන්ම හම්බන්තොට යෝධ වැවේ වාන් දොරටු 02ක් අඟල් 09 බැගින්ද, බදුල්ල අඹේවෙල ජලාශයේ වාන් දොරටු 02ක් අඟල් 01 බැගින්ද සහ රත්නපුර උඩවලව ජලාශයේ වාන් දොරටුවක් අඩි 01 බැගින්ද විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.





