සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මනෝජ් මුතුකුමාරණ හෙවත් කයිවාරු මුතූ නැමැත්තා එළැඹෙන 19 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් නියෝග කර තිබේ.
සැකකරු ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව ඊයේ (06) මෙරටට පැමිණි සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපළ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
අනතුරුව විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයට බාර දී ඇත.
ඒ අනුව එම කොට්ඨාසය විසින් සැකකරුට එරෙහිව පැය 72ක රැඳවුම් නියෝග ලබාගෙන විමර්ශන සිදුකළ අතර පසුව සැකකරු අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි.
සැකකරුට ඝාතන සිදු කිරීම, සැලසුම් කිරීම, අනුබල දීම ආදි චෝදනා කිහිපයක් එල්ල වී ඇති අතර මහේස්ත්‍රාත් අධිකරණයෙහි විභාගවන නඩු කිහිපයක සැකකරුවෙකු ලෙසටද නම් වී සිටියි.
එමෙන්ම නවගමුව පොලිසිය මගින් අද දින තවත් චෝදනා කිහිපයක් යටතේ සැකකරුට එරෙහිව නඩු ගොනු කර ඇත.





