/ Nov 09, 2026

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද සිට ඇරඹේ!

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානම පවතින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 74ක් ආවරණය වන පරිදි අද (09) සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක වෙයි.

මෙම වසදටහන එළඹෙන 14 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.

මේ යටතේ අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම, ඒකාබද්ධ ඩෙංගු පරීක්ෂණ කණ්ඩායම් යෙදවීම, හිමිකරුවන් නොමැති පරිශ්‍රවල ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සහ පිරිසිදු කිරීම, පාසල්, පිරිවෙන්, විශ්වවිද්‍යාල සහ ආගමික ස්ථාන ආශ්‍රිතව පිරිසිදු කිරීමේ විශේෂ වැඩසටහන් සංවිධානය කිරීම මෙන්ම මෙහෙයුම් මැදිරියක් මගින් දෛනික කටයුතු අධීක්ෂණය කිරීම ඇතුළු කාර්යයන් රැසක් මෙම සතිය තුළ සිදු කිරීමට නියමිත බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකයට අමතරව, මෙම වැඩසටහනේ අනෙකුත් හවුල්කාර පාර්ශ්ව ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ අනෙකුත් ස්වේච්ඡා සංවිධාන සහය දක්වයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top