/ Nov 09, 2026

බොරතෙල් මිල අපේක්ෂා සහගත ලස පහළට!

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 88.08ක් ලෙස සටහන් වී ඇති අතර එය පෙර වෙළෙඳ සැසියට සාපේක්ෂව 3.03%ක පහළ යාමක් ලෙස දැක්වෙයි.

එමෙන්ම Brent වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද අමෙරිකානු ඩොලර් 94.77ක් දක්වා පහළ ගොස් ඇති අතර, එහි පහළ යාම 3.61%ක් ලෙස සටහන් වී තිබේ.

ට්‍රම්ප් ඉරානයට එල්ල කරන නව ප්‍රහාර අඩු කිරීමෙන් පසු තෙල් මිල තරමක් ස්ථාවර වෙමින් පවතින නමුත් “විභව රාජ්‍ය තාන්ත්‍රික ඉදිරි ගමනක් වටා ඇති මෑත කාලීන ශුභවාදී හැඟීම් තිබියදීත්, යටි පෙළින් පවතින භූ දේශපාලනික අවදානම් ඉහළ මට්ටමක පවතින අතර, මිලිටරි උත්සන්න වීමේ හැකියාව නැවත බැහැර කළ නොහැකි බව විශේෂඥ මතය වී තිබේ.

ඇමරිකාවේ මාධ්‍යකාලීන මැතිවරණ ප්‍රතිඵලයෙන් ඇතිවූ පසුබෑමෙන් අනතුරුව එක්සත් ජනපද ජනාධිපතිවරයා මාධ්‍ය වෙත පවසා තිබුණේ ඉරානයට එරෙහි යුද්ධය “උත්සන්න කිරීමට බලාපොරොත්තු නොවන” බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top