/ Nov 09, 2026

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සංශෝධනය වන බව නීතිපතිගෙන් දැනුම් දීමක්!

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත යටතේ සැකකරුවකු රඳවා තබා ගත හැකි කාලය පැය 72 සිට පැය 48ක් දක්වා සංශෝධනය කරන බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබේ.

මේ අතර සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත තුළ අන්තර්ගත පච්ච හා සලකුණු සම්බන්ධයෙන් පනවා තිබූ ප්‍රතිපාදන ඉවත්කර ගන්නා බවද නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙන අතර බරපතල අපරාධ සිද්ධියට සම්බන්ධ නඩුකරයක කිසියම් කරුණක් ප්‍රසිද්ධියට පත් කිරීම සඳහා අදාළ අධිකරණයේ අවසරය ලබාගත යුතු බවට දැක්වෙන වගන්තිය ද ඉවත් කරගන්නා බව නීතිපතිවරයා දැනුම් දී තිබේ.

අදාළ පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා මේ බව අධිකරණයට දැනුම් දෙන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top