/ Nov 09, 2026

ඊජිප්තුවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි – පුද්ගලයින් 07කට දිවි අහිමි වෙයි. තවත් 112කට තුවාල!

ඊජිප්තුවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම අනතුරින් තවත් පුද්ගලයින් 112 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ඊජිප්තු වාර්තා පෙන්වා දෙන්නේ.

ඊයේ (08) කයිරෝ අගනුවරට කිලෝමීටර් 76ක් පමණ දකුණු දෙසින් මෙම අනතුර සිදුව ඇති අතර ගීසා සිට ෆයූම් දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක්, කයිරෝ සිට අස්වාන් දක්වා ධාවනය වූ තවත් දුම්රියක පිටුපස ගැටීමෙන් අනතුර සිදුව ඇත. අනතුරත් සමඟ දුම්රිය මැදිරි කිහිපයක් පීලි පැනීමට ලක්ව තිබේ.

අනතුරින් පසු සහන සේවා කණ්ඩායම් විසින් දුම්රිය සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර, කයිරෝ සහ ඉහළ ඊජිප්තු ප්‍රදේශ සම්බන්ධ කරන දුම්රිය මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටින බවයි වාර්තා වෙයි.

එමෙන්ම අනතුර සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල්-සිසී නියෝග කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top