/ Nov 09, 2026

GovPay ගැන විශේෂ දැනුම් දීමක්!

ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන අංශය මඟින් වේග සීමා උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් දඩ මුදල් ගෙවන ලෙස දන්වමින් ජනතාව වෙත ලැබී ඇති කෙටි පණිවුඩ (SMS / iMessage) සහ ඒ සමඟ ඇති ‘GovPay’ සබැඳිය සම්පූර්ණයෙන්ම අසත්‍ය, ව්‍යාජ සහ ජනතාව නොමඟ යැවීම සඳහා සකස් කරන ලද සයිබර් වංචාවක් වන අතර ඒ අකාරයේ ආකාරයේ කිසිදු දඩ මුදලක් ගෙවීම සඳහා ‘GovPay’ නිල වේදිකාව හරහා මෙවැනි කෙටි පණිවුඩ හෝ දැනුම්දීම් නිකුත් කිරීමට අමාත්‍යාංශය හෝ රජයේ කිසිදු ආයතනයක් පියවර ගෙන නොමැත.

‘GovPay’ ඩිජිටල් ගෙවීම් පද්ධතිය ක්‍රියාත්මක වන්නේ රජයේ අනුමත නිල සහ ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ පමණක් වන අතර, මෙවැනි විදේශීය හෝ සැකසහිත වෙබ් අඩවි සබැඳි (විශේෂයෙන් lygov.art වැනි ව්‍යාජ ඩොමේන්) හරහා කිසිදු දඩ මුදලක් අය කිරීමක් සිදු නොකරයි. මෙම වංචනික පණිවුඩ මඟින් පුරවැසියන්ගේ පුද්ගලික තොරතුරු සහ බැංකු ගිණුම් දත්ත සූක්ෂම ලෙස ලබා ගැනීමට උත්සාහ දරන බැවින්, මෙවැනි පණිවුඩ වෙත ප්‍රතිචාර දැක්වීමෙන් හෝ ඒවායේ ඇති සබැඳි (Links) වලට ඇතුල්වීමෙන් සම්පූර්ණයෙන්ම වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිමු.

රජයේ හෝ නීතිමය ආයතනවල නමින් ලැබෙන මෙවැනි සැකසහිත දැනුම්දීම් පිළිබඳව අතිශයින් විමසිලිමත් වන ලෙසත්, රජයේ නිල සේවා ලබා ගැනීමේදී නිල වෙබ් අඩවි (gov.lk) පමණක් භාවිත කරන ලෙසත් ජනතාවට දන්වා සිටිමු. කිසිදු අවස්ථාවක ඔබගේ පුද්ගලික හෝ මූල්‍ය තොරතුරු වෙනත් පාර්ශවයන් වෙත ලබා නොදෙන ලෙසත් අමාත්‍යාංශය වෙනුවෙන් කාරුණිකව දන්වා සිටිමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top