/ Nov 09, 2026

අත්තනගලු ඔයේ පහත් බිම්වලට ගංවතුර අවදානමක්!

අත්තනගලු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හා බස්නාගොඩ ජලාශයේ පිටවාන් දොරටු මගින් ජලය නිකුත් කිරීම ආරම්භ කිරීම හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම වැඩිවෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය ක‍රයි.

මේ තත්ත්වය මත හා වාරිමාර්‌ග දෙපාර්‌තමේන්තුව මඟින් අත්තනගලු ඔය ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව ඉදිරි කාලය තුළ දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි අවදානමක් පවතින බවට අනතුරු අඟවා තිබේ.

මේ සම්බන්ධයෙන් දැඩි සැළකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ එම ප්‍රදේශවල මාර්ග හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව තවදුරටත් පවසන්නේ.

තවද මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශවලටද දැනුම් දී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top