හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර ඇප මත මුදාහරින ලෙස නියෝග කර තිබේ.
ඒ, අද (18) ඔහුව කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් වෙනුවෙන් වැටුප් දෙකක් ලබාගත් බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.





