/ Nov 18, 2026

නාමල්ගේ ඇප නියෝගය ක්‍රියාත්මක කිරීම වළකමින් මහාධිකරණයෙන් අතුරු තහනමක්!

ක්‍රිෂ් ගණුදෙනුවට අදාලව සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දුන් ඇප නියෝග ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් කොළඹ මහාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ,කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර රණසිංහ හමුවේ ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් හිමි වූ ඇප නියෝග අවලංගු කර, නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම කැඳවූ අවස්ථාවේදීයි.

සිද්ධියට අදාල වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙස ද විනිසුරුවරයා එහිදී නියෝග කළේය.

ඒ අනුව වගඋත්තරකාර පාර්ශවයේ විරෝධතා දෙසැම්බර් 8ට සහ පෙත්සම්කාර පාර්ශවයේ විරෝධතා ජනවාරි 18 කැඳවිමට ද නියෝග කළ අතර පෙත්සමේ විභාගය පෙබරවාරි 5 වැනි දින කැඳවිමට විනිසුරුවරයා නියෝග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top