/ Nov 18, 2026

සංහිඳියාවට බාධා පැමිණවීම: ඥානසාර හිමිට වසර 4ක සිරදඬුවමක්!

ඉස්ලාම් දහමට අපහාස කළ බවට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය 2024 වසරේදී නියම කර තිබූ බරපතල වැඩ සහිත වසර හතරක සිරදඬුවම අභියාචනාධිකරණය අද (18) තහවුරු කළේය.

ඒ අදාළ දඬුවමින් තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් ඉදිරිපත් කර තිබූ අභියාචනයක් ඉවත දමමිනි.

2016 මාර්තු 30 වන දින කොළඹ කිරුළපන ප්‍රදේශයේ පැවැති කූරගල විහාරස්ථානය පිළිබඳව පැවැත්වූ මාධ්‍ය හමුවකදී පලකළ අදහස්වලින් ඉස්ලාම් ආගමට අපහාස කළ බවට සහ ජාතීන් හා ආගම් අතර සංහිඳියාවට බාධා වන අයුරින් කටයුතු කළ බවට නීතිපතිවරයා මෙම නඩුව ගොණුකර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top