/ Nov 19, 2026

කඩුවෙල වෙළඳ සැලක ගින්නක් – එකම පවුලේ සිව් දෙනෙක් මරුට!

කඩුවෙල නගරයේ පිහිටි විදුලි භාණ්ඩ වෙළඳසැලක අද (19) උදෑසන ඇතිවූ ගින්නකින් එකම පවුලේ සිදෙනෙකු මරණයට පත්ව තිබේ.

එලෙස මියගොස් ඇත්තේ එම පවුලේ මව, පියා සහ අවුරුදු 2ක් හා අවුරුදු 6ක් වයසැති දරුවන් දෙදෙනාය.

අදාළ ගොඩනැගිල්ලේ පහළ තට්ටුවේ විදුලි භාණ්ඩ අලෙවිසැල තිබී ඇති අතර මිය ගිය පවුලේ සාමාජිකයන් ඉහළ තට්ටුවේ රැඳී සිට ඇති බව සඳහන්.

ගින්න පාලනය කිරීම සඳහා කෝට්ටේ ගිනි නිවීම් ඒකකයේ ගිනි නිවීමේ රථ 03ක් යොදවා ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අදාළ අංශ මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කෙරෙමින් පවතියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top