/ Nov 20, 2026

අයවැය දෙවන වර කියවීම වැඩි ජන්දයෙන් සම්මතයි!

2027 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 97 කින් අද (20) සම්මත විය.

අයවැයට පක්ෂව ඡන්ද 157ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 60ක් ද ලැබී තිබුණි.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගිය 12වැනිදා අයවැය කතාව ඉදිරිපත්කරනු ලැබීය. අනතුරුව පසුගිය 13 දින සිට අද දිනය දක්වා දින 7ක කාලයක් අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වූ අතර අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය හෙට (21) සිට ලබන දෙසැම්බර් මස 14 වැනිදා දක්වා පැවැත්වේ.

තෙවන වර කියවීමේ ඡන්ද විමසීම 14 වැනිදා පස්වරු 6ට පැවැත්වීමට නියමිතයි.

රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දිනය ද ඇතුළුව සෑම දිනකම පෙ.ව. 9.30ට අයවැය විවාදය සඳහා පාර්ලිමේන්තුව රැස්වීම සිදුවෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top