හෝර්මුස් සමුද්‍ර සන්ධියේදී නාවික බෝම්බවල (ජල බෝම්බවල) ගැටීමෙන් “නීති උල්ලංඝනය කළ” තෙල් ටැංකි නෞකා තුනක් ගිනි ගත් බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) පවසයි.
එම නෞකා දෙකක් සමුද්‍ර සන්ධියේ නැගෙනහිර කොටසේදී බෝම්බවල ගැටී ඇති බවත්, ප්‍රබල පිපිරීම් හේතුවෙන් නෞකා තුනෙහිම ගින්නක් හටගත් බවත් එම බලකාය සඳහන් කළේය.
මෙම තෙල් ටැංකි නෞකා ඇමරිකානු හමුදාවේ ආරක්ෂාව සහ ගුවන් ආවරණය යටතේ ගමන් කරමින් තිබූ බව IRGC ප්‍රකාශ කර තිබේ.





