/ Nov 24, 2026

යළි IMF සහය අවශ්‍ය වෙයිද ? හුලංගමුවගේ තීරණය මෙන්න!

ජාත්‍යන්තර මූල්ය අරමුදලත් (IMF) සමග ලබන වසරේදී නැවතත් යම්කිසි වැඩසටහනකට අවතීරණ වන්නේද යන්න පිළිබඳව තවමත් රජය තීරණය කර නැති නමුත් ඒ සම්බන්ධයෙන් සමාලෝචනය කිරීම සඳහා මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර ඇති බවත් ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක දුමින්ද හුළංගමුව පවසයි.

“ඇත්තටම කියනවා නම් 2026 අප්‍රේල් මාසයේ ඔය අර්බුදය එනකොට අපිට තිබ්බා ඕනෙ නම් ආනයන අඩුකරන්න. ඉම්පෝර්ට් රෙස්ට්‍රික්ට් කළා නම් දැන් ඔය තෙල්වලට යන වැඩිපුර ඩොලර් ප්‍රමාණය බේරාගන්න තිබ්බා. නමුත් ජනාධිපතිතුමා කිව්වා එහෙම කරන්න බෑ, එතකොට ආර්ථිකය සංකෝචනය වෙනවා, අපි රජය විසින් උදව්වක් දෙන්න ඕනෙ මිනිස්සුන්ට කියලා. අපි ඒක අනුගමනය කළේ. ඉතින් අපි දන්නවා එහෙම කළත් යම්කිසි පීඩනයක් එල්ල වෙනවා ඩොලර් එකට. ඩොලර් එක 330ට විතර යැව්වා. එහෙම ගියත් ප්‍රශ්නයක් නෑ, අපි ආර්ථිකය සංකෝචනය නොවී ආර්ථිකය වර්ධනය රැකගෙන තමයි කරන්න ඕනෙ කරන දෙයක්. අපි ඒකයි සහනාධාරයක් දීලා මැනේජ් කළේ.

එතකොට ඒකයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළඟ වැඩසටහනකට යනවද නැද්ද කියන එකයි අතරෙයි සම්බන්ධයක් නෑ. ඒ පිළිබඳ සමාලෝචනය කරන්න ජනාධිපතිතුමා කමිටුවක් දාලා තියෙනවා අනිල් ජයන්ත ඇමතිතුමාගෙ ප්‍රධානත්වයෙන්. ඉතින් ඒ කමිටුවෙන් තීරණය කරයි අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවද නැද්ද කියන එක සහ යනවා නම් අපේ කොන්දේසි මොනවද කියන එක”

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගන්නවාද නැද්ද යන්න තීරණය කිරීමේදී අවධානය යොමුකළ යුත්තේ මූල්‍යමය සහාය ගැනීම සඳහා වන අතර තාක්ෂණික සහායක් අවශ්‍ය නොවන බවයි හුලංගමුව මහතා පවසන්නේ.

”අපිට තියෙනව විනයක් අපේ වියදම් යම්කිසි ආකාරයකට පාලනය කරගන්න, අපේ ආදායම වැඩිකරගන්න, අපේ ප්‍රාථමික ගිණුමේ ශේෂය පවත්වාගෙන යන්න, අපේ ණය ගැනීම් පිළිබඳ යම්කිසි විනයක්, අපිට ඒවා තියෙන්න ඕනෙ IMF ගියත් නැතත්. මට හිතෙනවා අපේ ජනාධිපතිතුමාට ඒක කරන්න පුළුවන් කියලා. මොකද අපේ ඔය සාකච්ඡා යනකොත් මට පේනවා එතුමාගේ ඒ වගේ ස්ථාවරයක ඉන්නෙ. මම හිතන්නෙ අපි ආයෙ පාරක් IMF යන්න ඕනෙ, ආයෙ පාරක් අපිට විස්තීරණ ණය පහසුකමක් අවශ්‍ය නෑ, අපිට යම්කිසි අඩුපාඩුවක් වුණොතින් ඒක සපුරාගන්න පුළුවන්ද කියන එක බලන්න ඕනෙ. අපිට ඒක ISB කරන්න පුළුවන්, IMF කරන්න පුළුවන්, ලෝක බැංකු කරන්න පුළුවන්, මොන ආයතනයට අපි යන්නේ, ඒ පොලී අනුපාතය මොකක්ද, ඒ පැත්ත තමයි අපි බැලිය යුත්තේ”

හුලංගමුව මහතා මෙම අදහස් දක්වා සිටියේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සාකච්ජාවකට එක්වෙමිනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top