උප කුලපතිවරුන් පත් කිරීමේදී කුසලතාව හා නිපුණතාව පදනම් කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව අද (10) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
රුහුණ, රජරට, අග්නිදිග, නැගෙනහිර ඇතුළු විශ්වවිද්‍යාල රැසක උප කුලපතිවරුන් පත් කිරීමේදී ආණ්ඩුව දේශපාලනය ගාවාගෙන ඇතැයි චෝදනා කළ හෙතෙම මෙය වැරදී පූර්වාදර්ශයක් බව ද පෙන්වාදුන්නේය.
සිස්ටම් චේන්ජ් කිරීමට පැමිණි ජාතික ජන බලවේග ආණ්ඩුව යමින් සිටින්නේ පැරැණි පාරේ ම යැයි ද ඔහු කීවේය.
රුහුණ විශ්වවිද්‍යාලයේ උප කුලපති පත්කිරීමේදී වැඩි ම ලකුණු හිමි සමන්ත කුමාර වෙනුවට දෙවනියාට තනතුර දීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇතැයි විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දි චෝදනා කළේ ය.
විශ්වවිද්‍යාල පාලක සභාවට බලපෑම් කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමටවත් නොහැකි යැයි ද මෙම තත්ත්වය වෙනස් කිරීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතු බව ද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.