/ May 08, 2026

ජනහිතකාමී රටක් හා රජයක් ගොඩනගන්න සජබ සහ එජාපය එකතු වෙනවා!

ජනතාවාදී ජනහිතකාමී රටක් හා රජයක් ගොඩනැගීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකත් වෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ ඊයේ (20) කොළඹ දී දිවංගත අමාත්‍ය ගාමිණී දිසානායක මහතාගේ 84 වැනි ජන්ම දින සැමරුම හා එක්වෙමිනි.

සමාජය දැන් ඔළුගෙඩි දේශපාලනය, ඩොලර් කුට්ටි දේශපාලනය පිළිගන්නේ නැති බවත් එවැනි හවුලකට එකමුතුභාවයකට සූදානම් නැති බවත් ජනතාවගේ වරමින් කරපිට හිසමත නැග ලබා ගන්නා ජයග්‍රහණය තුළින් අවසානයේ ජයගත යුත්තේ පොදුජනතාව බවත් ඔහු කියා සිටියි.

මහජන විශ්වාසය පොදුජනතාවගේ අයිතිය රුපියල් ශතවලට ලබා දුුන් කාලය අවසන් හෙයින් මැද මාවත, පොදුජන මාවත තුන්වැනි මාවත වෙනුවෙන් ලුම්පන් ධනවාදය අන්තවාදී ලිබරල් න්‍යායන් බැහැර කර අන්ත කොමියුනිස්ට් වාදය, සමාජ වාදය බැහැර කර මානුෂීය ධනවාදය කරා යොමුව සමාජ සාධාරණත්වය කරා ය යුතු බවටයි විපක්ෂ නායකයා පෙන්වා දෙන්නේ.

ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව සුරකින, සම්බුද්ධ ශාසනයට මුල්තැන දෙන, සුරක්ෂිත කරන ප්‍රවර්ධන කරන සෙසු ආගම් ජාති ශක්තිමත් කරන එක්සිත්ව එක්සත්ව සහෝදරත්වයෙන් සංහිඳියාවෙන් ක්‍රියාත්මක වන රටක් ගොඩනැගීමට එකතු වන ලෙස තමන් ඉල්ලා සිටින බව ද ප්‍රේමදාස මහතා කියා සිටියි.

මහපොළොවේ යථර්ථය වන්නේ වම සහ දකුණ අසාර්ථක බවත් මේ වාමවාදී සහ දක්ෂිණාංශික න්‍යායන් විදේශයෙන් අප රටට පැමිණි පරගැති න්‍යායන් බවත් අද අප රටට අවශ්‍යව ඇත්තේ ජනතාවාදී න්‍යායක් බවත් පොදුජනතාව සුරක්ෂිත කරන පොදුජනතාව රැකගන්න සමස්ත පොදු ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ක්‍රියාත්මක වන න්‍යායක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top