/ Jul 11, 2025

ළඟදීම වැලිකඩ සෙල්ලම් පාර්ලිමේන්තුවක් හැදෙයි – ජනපති කියන අමුතු කතාව

හිටපු බොහෝ දේශපාලඥයන්ට ඉදිරියේ දී වැලිකඩ දී එක් වී සෙල්ලම් පාර්ලිමේන්තුවක් හදාගත හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.

හොරකමින් එකතු කර ගත් වත්කම් යළි අය කර ගැනීමේ නීතිය පාර්ලිමේන්තුවේ දී ලබන 8 වැනිදා සම්මත කරගන්නා බවයි ජනාධිපතිවරයා කීයා සිටියේ.

මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව හරහා බොහෝ නඩු ගොනු කර ඇති බවත් ක්‍රිෂ් නඩුව ද එවැන්නක් බවත් ඔහු සඳහන් කළේය.

එසේම මාතර බ්‍රවුන්ස් හිල් නඩුවද ඉතා ඉක්මනින් පැවරෙනු ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා ඇතැම් දේශපාලකයන් ඥාතීන්ගේ නමට බ්‍රවුන්ස් හිල් වල ඉඩම් ගෙන තිබෙන අතර ඉඩම් මිලදී ගැනීම සඳහා සල්ලි සොයා ගත් ආකාරය ඔවුන්ට හෙළි කරන්නට නොහැකි වී ඇති බවත් අනාවරණය කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *