උසාවියට අපහාස කළ බවට චෝදනා කරමින් පුත්තලම මහාධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද නීතීඥවරියව වහා නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ රජීව අමරසූරිය මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාදීකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
නිදහස් වීමෙන් පසුව එම නීතිඥවරියට අප්‍රේල් මස 28 වනදා අභියාචනාදීකරණය හමුවේ පෙනී සිටිය යුතු බවටත් අධිකරණය විසින් නියම කර ඇත.
පසුගිය මාර්තු 28 වැනි දා පුත්තලම මහාධිකරණයේ නඩු කටයුත්තක දී අධිකරණ ශාලාවට ඇතුළුවීමේ දී අදාළ නීතිඥවරියක් හිස නැවීමකින් තොරව ඇතුළු වූ බවත් නිසි ගෞරවය නොපන්වූ බවටත් අධිචෝදනා ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පුත්තලම මහාධිකරණ විනිසුරු අපර්ණා සුවඳුරුගොඩ නියෝග කර තිබුණි.