සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාලසීමාව පැයකින් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව නව සංශෝධිත කාල වේලාව අනුව පෙරවරු 11 සිට සවස 5.30 දක්වා දළදා වන්දනාව පැවැත්වීමට නියමිතය.
ශ්‍රී දළදා මාළිගාව නිවේදනය කළේ දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන සැදැහැවතුන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබීම හේතුවෙන් සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාලවේලාව සංශෝධනය කිරීමට තීරණය කළ බවයි.