/ Jun 09, 2025

“ඩෑන් මරුනේ නෑ!” ; පොලිසිය කියන අලුත් කතාව

වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතල තුවල ලැබූ ඩෑන් ප්‍රියසද් මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ බුද්ධික මනතුංග මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයක් නිකුත් කරමින් තහවුරු කර තිබේ.

කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අදාළ ප්‍රකාශය ලබාදීමට පෙර පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ වෙඩි ප්‍රහාරයකට ලක්ව ඩෑන් ප්‍රියසාද් නමැත්තා මියගොස් ඇති බවයි.

අද (22) රාත්‍රී 9:10ට පමණ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලක දී නාදුනන තුවක්කු දරුවන් විසින් එල්ල කරන ලද වෙඩිප්‍රහාරයකින් ඩෑන් ප්‍රියසාද් නමැත්තා බරපතල තුවාල ලබා තිබුණි.

එම වෙඩි ප්‍රහාරයට ලක්ව ඩෑන් ප්‍ර්‍රියසාද් මියගිය බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මීට පෙර නිකුත් කළ නිවේදනය පහතින්,

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top