කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා අධිකරණයට භාර වී තිබේ.
අද (24) ඔහු මෙලෙස මාතර අධිකරණයට භාරවී ඇති බව සඳහන් ය.
2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි w15 හෝටලයක ඉදිරිපිට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් 08 දෙනෙකු අත්අඩංගුවට ගන්නැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය දා නියෝග කර තිබුණි.
එම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 9 වැනි සැකකරු ලෙස නම් කර තිබුණේ කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා යන අයයි.
ඒ අනුව ඔහු මෙලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබේ.