/ Jun 09, 2025

ඇමති විජිත වතිකානයට පිටත්ව යයි

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳහා සහභාගීවීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද (25) වතිකානය බලා පිටත්ව ගොස් තිබේ.

අද උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඉටිහාඩ් ගුවන් සේවයට අයත් යානයකින් අමාත්‍යවරයා අබුඩාබි ගුවන්තොටුපොළ වෙත ගොස් එතැන් සිට තවත් ගුවන්යානයකින් වතිකානය බලා පිටත්ව යනු ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මේ අතර ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සහ හෙක්ටර් අප්පුහාමි යන මහත්වරුන් ද වතිකානය බලා පිටත්ව ගොස් තිබුණි.

මෙරට කතෝලික දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් දෙදෙනා අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එක්වීමට නියමිතය.

මේ අතර පාප් වහන්සේගේ අවසන් කටයුතු හෙට (26) දිනයේ සිදු කිරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top