/ Apr 30, 2025

චන්ද්‍රිකා හැර අනෙක් ජනපතිවරු වැඩිපුර වාහනය ආපසු දීලා!

හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හැර අනෙක් හිටපු ජනපතිවරුන් සිව් දෙනා ජනපති ලේකම් කාර්යාලයේ ඉල්ලීමට අනුව තමන්ට ලබා දී තිබුණු අමතර වාහනය ආපසු භාර දී ඇතැයි වාර්තා වේ.

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් හිටපු ජනපතිවරුන්ට දන්වා තිබුණේ, ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් පසුගිය අප්‍රේල් 23ට පෙර නැවත තමන් වෙත භාර දෙන ලෙසයි.

හිටපු ජනපති මහින්ද භාවිතා කළ ලෑන්ඩ් කෘෘෂර් වී 8 රථය පසුගිය 28 වැනි දා ද, හිටපු ජනපති මෛත්‍රීට ලබා දී තිබුණු ලෙක්සස් ඩිෆෙන්ඩර් රථය පසුගිය 24 වැනි දා ද හිටපු ජනපති ගෝඨාභය වෙත දී තිබුණු ලෑන්ඩ් රෝවර් ජීප් රථය අප්‍රේල් 24 දා ද හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ වෙත ලබා දී තිබුණු ලෑන්ඩ් කෘෂර් ප්‍රාඩෝ රථය අප්‍රේල් 28 වැනි දා ද නැවත භාරදීමට ඔවුන් කටයුතු කර තිබුණි.

කැබිනට් ඇමැතිවරයෙකුට භාවිත කළ හැකි වාහන සංඛ්‍යාව දෙකක් ලෙස ජනපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කළ චක්‍රලේඛය අනුව මෙසේ වාහන ආපසු ලබා ගෙන තිබෙන්නේ, හිටපු ජනපතිවරයෙකු වෙත තබා ගත හැක්කේ කැබිනට් අමාත්‍යවරයෙකු භාවිතා කරන වාහන ප්‍රමාණය පමණක් නිසා බැව්ද වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top